මෙවර අපොස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්ම නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.
පන්නල ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ 09 ක් ලබා ගනිමින් එම විභාගය විශිෂ්ට ලෙස සමත් වී ජෛව පද්ධති තාක්ෂණවේදය හැදෑරීම සඳහා සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත.
පන්නල ගල යාය ප්‍රදේශයේ පදිංචි සරත් මාරසිංහ හා හෙන්ඩියගල රතන ජෝති මහා විද්‍යාලයේ ආචාර්යවරියක් වන පී ශාමා මල්කාන්ති මහත්මියගේ එකම දියණිය වන නෙත්මිට එක් සොහොයුරෙකු සිටි. ඔහු පන්නල ජාතික පාසලේ 10 වන වසරෙහි අධ්‍යාපනය හදාරයි.
තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ නෙත්මි නවෝද්‍යා
මට ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න එක් ලකුණයි මදි වුණේ. අධ්‍යාපන කටයුතුවල වගේම විෂය බාහිර කටයුතුවලත් නිරත වුනා. විද්‍යාලයේ නෙටබෝල් කණ්ඩායම නියෝජනය කළා. කථික තරඟ වලට සහභාගි වුණා. ඒ මොන දේ කළත් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නමයක් අරගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. මම තාක්ෂණවේදයට හරි කැමතියි. ඒ නිසා එම විෂය ධාරාව හදාරන්න සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. අද මට මේ ජයග්‍රහණය ලබා ගන්න පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. මම දිනපතා පාසල් ගියා. සියලුම වාර විභාග වලදී ලකුණු 80 ට වැඩියෙන් ගත්තා.
මට ගුරුහරුකම් ලබා දුන්න සඳලංකා මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති අසංක චාමින්ද, වත්මන් විදුහල්පති නිශාන්ත කැලුම් කුමාර, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන දේවිකා පතිරණ (අධ්‍යාපන පරිපාලන), නෙවිල් පද්මසිරි (පරිපාලන) , අංශ ප්‍රධානී ඒ ඒ සඳමාලි සරණතිලකා, හිටපු සහකාර විදුහල්පතිනි එච් පී එස් උෂානි ජයතිලක, සියලු විෂයන් උගන්වපු රමිලා මල්කාන්ති වීරසිංහ, තිළිණි නිර්මිකා ගුණරත්න, ටී තනූජා පෙරේරා යන ගුරු මෑණි පියවරුන් වගේම පන්නල ජාතික පාසලේ එක වසරේ සිට මට ගුරුහරුකම් ලබා දුන් ගුරු මෑණි පියවරුන්ව මම ආදරයෙන් සිහිපත් කර සිටිනවා.
විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, මල්ලි ඇතුළු මගේ පවුලේ සියලු දෙනාත්, මගේ යහළු යෙහි ලියන් සියලුු දෙනාත් කෘථවේදීව සිහිපත් කර සිටිනවා. මගේ බලාපොරොත්තුව මා සමත් වුන අංශයෙන් ඉදිරියට යන්නයි.
ඉදිරියේදී විභාගවලට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට මම කියන්නේ උත්සාහය කැපවීම තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. විභාගය කිට්ටු කරලා පාඩම් කරන්නේ නැතුව දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කරමින් මුල සිටම විභාගයට සූදානම් වෙන්න කියලයි.
