පොළොන්නරුව දිස්ත්රික්කයේ මහා පරිමාණ සහල් මෝල්වලින් දින නමයක් තුළ සහල් කිලෝ කෝටියකට එහා ප්රමාණයක් පාරිභෝගික සේවා අධීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙළඳපොළට තුළට මුදා හැර ඇත. ඉන් හරි අඩක්ම නාඩු සහල් බව වාර්තාවිය.
පොළොන්නරුව දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ දින දහයක් පුරා සිදු කරගෙන මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතන වල නිෂ්පාදන ධාරිතාවය සොයා බැලීමේදී ඊයේ දිනය වන විට වෙළඳපළ තුළට සහල් කිලෝ කෝටීයකට එහා ගිය ප්රමානයක් වෙලදපොලට මුදාහරිනු ලැබ තිබේ.
ඉන් හරි අඩක්ම නාඩු සහල් ද වන බව පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් සඳහා කර සිටී අද දිනයේත් සහල් මෝල් වලින් පිටතට මුදා හරින සහල් නිෂ්පාදනයන් පිළිබඳව ගණනය කිරීමේ කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
බකමුණ සරත් නිශ්ශංක වෙලගෙදර