පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ මෙහෙයුමේදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිව් දෙනකුගේ සමීපතම සමාජිකයන් 35 කු දින 7 ක් තුළ දි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම අපරාධකරුවන් සමග තියුණු ආයුධ අත්බෝම්බ සහ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධ සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙසෙල්වත්තේ ධනුක,කංජිපානි ඉම්රාන්,දෙමටගොඩ චමින්ද හා පූකුඩුකන්නාගේ සමීපතම ගෝල බාලයන් වන බව පොලිසිය කියයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් ආර් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙන්ම තවත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හතරක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමගින් කණ්ඩායම් පහක් අපරාධ කල්ලි මැඩලීමේ මෙහෙයුම සඳහා යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කීප දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරමින් සෙසු පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ විමර්ශන සිදු කෙරේ