දින 67ක් මුහුදේ අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු බේරාගෙන තිබේ.
මිකායිල් පිචුගන් (46) නැමැති මෙම පුද්ගලයා අගෝස්තු මාසයේ මුල රුසියාවේ නැගෙනහිර මුහුදේ හුලං පිරවිය හැකි බෝට්ටුවකින් ඔහුගේ සොහොයුරා (49) සහ සොහොයුරාගේ බෑනා (15) සමග මුහුදේ තල්මසුන් නැරඹීමට ගොස් තිබේ.
මෙලෙස මෙම පිරිස සොයා ගන්නා අවස්ථාවේ අනෙක් පුද්ගලයන් දෙදෙනා මියගොස් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම පිරිස තල්මසුන් නැරඹීමට ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 1,000 (සැතපුම් 620ක්) ඈත මුහුදේදී මෙම පිරිස සොයාගෙන ඇත.
මිකායිල් පිචුගන් නිවසින් පිටත්ව යන අවස්ථාවේ කිලෝග්‍රෑම් 100ක බරකින් යුක්තව සිට ඇති අතර, නැවත සොයා ගන්නා අවස්ථාවේ කිලෝග්‍රෑම් 50ක බරකින් යුක්තව සිට තිබේ. මෙම පුද්ගලයා තරබාරු වීම හේතුවෙන් මෙලෙස ජීවිතය බේරා ගැනීමට හැකි ව ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.