පසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි සිවිල් ආරක්ෂණ ප්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා ඊයේ (12) දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
ඊයේ (12) දිනයේදි වාර්තා වු කෝවිඩ් 19 මරණ 431 වු අතර පසුගිය දිනයන්ට සාපේක්ෂව එය විශාල සාධනීය අඩුවීමක් බව බොරෙල්ලි මහතා පැවසීය.
දැඩි සත්කාර එකකයට ඇතුල් කරන රෝගීන්ගේ ප්‍රමාණය අඩුවීමේ විශාල අඩුවක් පවතින බවත් කෝවිඩ් 19 බියකරු පෙනුම ක්‍රමයෙන් අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබෙන බව බොරෙල්ලි මහතා පවසයි.
මෙම අඩුවිම උදම් ඇනිමට හෝ සතුටු වීමට කරුණක් ලෙස යොදා නොගන්නා බවත් ඉතාලිය කෝවිඩ් 19 ආරක්ෂා කිරිමට ගන්නා පියවරයන් එලෙසින්ම ක්‍රියාත්මක කිරිමට යොදා ගන්නා ශක්තියක් බවට පත් කරගන්නා බව බොරෙල්ලි මහතා පවසයි.
මෙම කාලයේදි කෝවිඩ් 19 රෝගින් හදුනා ගැනිමේ පරික්ෂණ වැඩි කර තිබෙන බවත් එය දිනකට පනස් දහසත් හැත්තෑ දහසත් අතර අගයක් ගන්නා බවත් ඉක්මනින් රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරිම සඳහා යොමුවිම කෝවිඩ් 19 හානිය අඩු කරලීමට තිබෙන හොඳම ක්‍රමවේදය ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඉදිරි සති දෙක කාලයේදි මෙයින් සාධනිය ප්‍රතිපල ලබාගත හැකි වන බවද පැවසීය.
කෝවිඩ් 19 හා ආර්ථික දුෂ්කරතා එකට ගෙන පරාජය කිරිමට රජය පියවර ගනිමින් සිටින බැවින් මෙම දුෂ්කර කාලයේදි නීතියට ගරු කරමින් පෙන්වු විනයගරුක බව තවදුරටත් රැකගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවදබොරෙල්ලි මහතා වැඩිදුරටත් පැවසීය.
ඊයේ (12) දිනයේදි ඉතාලියේ සමස්ත රෝගීන් 156,363ක් මරණ 19,899 ක් දක්වා වර්ධනය වි තිබිණ.
චන්ද්රන ප්‍රනාන්දු - ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට