මෙම වසරේ ගෙවී ගිය දින 68ක කාලය තුළදී නුවරඑළිය දිස්ත්රික්කය තුළ කඳුකර කොටියන් හතර දෙනෙකු මිය ගොස් සිටියදී හමු වී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
ජනවාරි මස 17 දින පුස්සැල්ලාව ප්රදේශයේදී මදුවකට හසු වීමෙන් කොටියෙකු, පෙබරවාරි මස 09 දින දිඹුල පතන ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් කොටියෙකු, පෙබරවාරි මස 27 දින පාමස්ටන් ප්රදේශයේදී තවත් සතෙකු පහරදීමෙන් කොටියෙකු සහ මාර්තු මස 06 දින තලවකැලේ, බෙයාවේල් ප්රදේශයේදී වස ශරීර ගත වීමෙන් මිය ගිය බවට සැක කරන කොටියෙකු ලෙස මෙම කොටි මරණ සිදුව ඇතැයි එම නිලධාරීහු සඳහන් කරති.
2024 වසරේදී නුවරඑළිය වනජීවී කලාපය තුළ කොටි මරණ කිසිවක් වාර්තා වී නොමැති වී තිබූ බවත්, එහෙත් මෙම වසරේ ආරම්භයේ සිට කොටි මරණ වාර්තා වීමට පටන් ගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
2023 වසරේ කොටියන් 12කු, 2024 වසරේ කොටියන් 14කු මිනිස් ක්රියාකාරකම් සහ වෙනත් හේතුන් මත මරණයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
