නවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වන කොරෝනා වයිරස් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර එරටින් දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා වී ඇත්තේ දින 102කට පසුව බවත් නවසීලන්ත වාර්තා සඳහන් කරයි.
මෙම සිද්ධීන් හතරම දකුණු ඕක්ලන්ඩ් හි එක් නිවසකින් හමුව ඇත. එම නවසීලන්තයෙන් පිටත සංචාරය කර නොමැති බවත් නවසීලන්ත මාධ්‍ය පවසයි.
"අපි ඒ සූදානම් වෙලා සිටියේ. ඒ කාලය දැන් එළඹිලා. එවැනි පිපිරීමක් සඳහා සෞඛ්‍ය පද්ධතිය හොඳින් සූදානම්" යැයි එරට සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය බ්ලූම්ෆීල්ඩ් පැවසීය.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩර්න් ප්‍රකාශ කළේ රටේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඕක්ලන්ඩ් සඳහා තාවකාලිකව තුන්වන මට්ටමේ වසංගත සීමාවන් බදාදා මධ්‍යම රාත්රයේ සිට දින තුනක් ක්‍රියාත්මක කරන බවයි.
මෙම අගුලු දැමීම සෞඛ්‍ය නිලධාරීන්ට හදිසි සම්බන්ධතා සොයා ගැනීමට සහ තත්වය තක්සේරු කිරීමට ඉඩ සලසන බව ඇය පැවසුවාය.
නව සීමාවන් යටතේ අවන්හල්, බාර් සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් ඇතුළු ව්‍යාපාර වසා දමනු ඇත. සිල්ලර වෙළඳසැල් වලින් සැපයුම් ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මිනිසුන්ට තම නිවෙස්වලින් පිටවීමට අවසර ලැබේ. පුද්ගලයින් 10 කට වැඩි සංඛ්‍යාවක් එක්රැස් කිරීම ද සීමා කෙරෙන අතර පාසල් දින තුනක් වසා තබනු ඇත.