හැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.
අසාදිත හෙදිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්, අසාදිත හෙදිය සහ ඇයගේ පවුලේ ඥාතින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට (20) දින දික්ඔය මුලික රෝහලේ සේවය සඳහා පැමිණිමෙන් පසු සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂණයේදි එම හෙදියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
පසුව අසාදිත හෙදියගේ පවුලේ සමාජිකයන්ද ඇන්ටිජන් පරික්ෂනයට භාජනය කර ඇති අතර, එහිදි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන (20) දින පාසලට ගොස් ඇති පුතාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම පන්තියේ ළමුන් 66 දෙනෙකු සහ අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් පැවසිය.
අසාදිත හෙදියගේ පවුලේ සෙසු සමාජිකයන් ඔහුන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇත.
මේ අතර දික්ඔය මුලික රෝහලේ උදරයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂනයක් අනුව තහවුරු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ