පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ කණ්ඩායම් මෙන්ම දේශපාලන ධාරාවේ ක්‍රියාකාරීන් එක්වමෙරට දැවැන්තතම දේශපාලන සන්ධානය ලබන 05 දින බිහිවීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හමුවෙහි පැවසීය .
රාජ්‍ය අමාත්‍යවරයා අද (02) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්බැහැදක ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුවමාධ්ය හමුවේ අවධාරණය කර සිටියේමෙම දැවැන්ත දේශපාලන සන්ධානයලබන පහ වැනි දිනවොටර්ස් එඩ්ජ් හෝටල් සංකීර්ණයේදීඑළි දක්වන බවත් එහි සභාපති වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ලේකම් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේස් පතිරණ මහත්වරුන්කටයුතු කරනු ඇති බවත් අනෙකුත් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම එදින සිදුවන බවයි .
මෙම දැවැන්ත දේශපාලන සන්ධානය සඳහාපොදු පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ටිරාන් අලස්, නිමල් ලන්සා, පිල්ලයන්, ඩග්ලස් දේවානන්ද වැනි ප්‍රවීණ දේශපාලඥයන්මෙන්ම රිෂාඩ් බදුරුදීන් සේම මුස්ලිම් හා දමිළ පක්ෂවල සහාය ද ඊටහිමිවීමට නියමිත බවයි.
ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහාය දීම හේතුවෙන් කිසියම් අයෙකු පක්ෂ සංවිධායක ධූරවලින් ඉවත් කළහොත්ඔවුන්ට දේශපාලනය කිරීම සඳහා කඳවුරක්අවශ්ය වන බවත්ඒ හේතුවෙන් මෙම සන්ධානයබිහිකිරීමට තීරණය කළ බවදරාජ්ය අමාත්‍යවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරඅපට වැසුනද එතුමාගේ හදවතේ දොරනොවැසෙනු ඇති බවත්එතුමාට ඇති ආදරය ගෞරවයකිසිදා වෙනස් නොවණු ඇති බවදරාජ්ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.