නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බණ්ඩාරගම කළුතර මාර්ගයේ ගල්තුඩේ පාලම අසල දැල්කඩ පාරේ බොල්ගොඩ ගඟේ අතුගංගාවක් වන කැපු ඇලේ පාවෙමින් තිබියදී ඊයේ (26) රාත්රී හමුවූ බව මොරන්තුඩුව පොලිසිය කියයි
මියගිය පුද්ගලයා වයස අවුරුදු 25-30 පමණ සිතිය හැකි අයෙක් බවත් පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයාගේ බවට සිතිය හැකි යතුරුපැදියක් ද ගල්තුඩේ පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇත.
එම යතුරුපැදියේ ලියාපදිංචි අංකය අනුව පරික්ෂා කිරීමේදී මොරටුව පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වූ බවත් එම පුද්ගලයා මීට වසර පහකට පෙරදී වෙනත් පුද්ගලයෙකුට යතුරුපැදිය විකුණූ බවට සනාථ වූ බවත් පොලිසිය ම
එම පුද්ගලයා ද සිටින බවත් ඔහුද මොරටුව ප්රදේශයේ අයෙක් බවත් පොලිසිය කියයි
දෙදෙනාටම අද (27) දින පොලිසිය වෙත පැමිණ ප්රකාශයක් ලබාදෙන ලෙස පැවසීයයි පොලිසිය සඳහන් කරයි
මියගිය අයගේ හැඳ සිටි කලිසමේ මුදල් පසුම්බියේ තිබූ ආදායම් බලපත්රයේ එක නමකුත්, රක්ෂණ සහතිකයේ එක නමකුත්, තාවකාලික රියදුරු බල පත්රයේ තවත් නමකුත් තිබූ බව පොලිසිය කියයි. මොරටුව සහ බණ්ඩාරගම ලිපිනයන් එහි සඳහන්ව තිබූ බව පොලිසිය කියයි
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි බණ්ඩාරගම හදිසි මරණ පරීක්ෂක සරත් සූරියආරච්චි මහතා මල් සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන තෙක් එය පානදුර මූලිකරෝලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මොරන්තුඩුව පොලිසියට නියෝග කළේය