කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් දුම්රියෙන් වැලිකන්ද පුල්ලියාරඅඩි ප්රදේශයේදී 11 වෙනිදා සවස 3.00ට පමණ අවුරුදු දොළහක දැරියක් කෝච්චියෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
දුම්රිය මැදිරියේදී ආහාර ගැනීමෙන් අනතුරුව ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති අතර දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවද පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.