කාර් රථයක් ධාවනය කරමින් නිවසක් අසල සිටි කුඩා දරුවන් තිදෙනකු යටකර එක් දැරියක මරණයට පත් කර කාර් රථය එම ස්ථානයේ ම දමා පලාගිය රියදුරකු අත් අඩංගුවට ගැනීම ට පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.
ඉකුත් 05 දා සවස 4.20ට පමණ මහබාගේ පොලිස් වසමේ දී මෙම අනතුර සිදුව ඇත. පොලීසිය ට කරුණු අනාවරණය වන පරිදි කාර් රථයේ රියදුරා යතුරු පැදියක් පසු පස හබාගෙන පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ දී නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් තිදෙනකු කාර් රථයකට යට කර ඉදිරියට ධාවනය කර කාර් රථය කොන්ක්රීට් කනුවක ගැටී නතර වු පසු රථයෙන් බැස පලාගොස් තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ අංක 96 /11 තොටුපළ පාර වැලිසර රාගම පදිංචි පස් හැවිරිදි එලීසා ජස්ට්න් හේමන් යන දැරිය මිය ගොස් තිබේ. මෙහිදී තුවාල ලැබූ හය හැවිරිදි ඩිනෝන් චිත්ම ප්රනාන්දු හා තෙහැවිරිදි අනුගි රිසිත්මා ප්රනාන්දු යන දරුවන් ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත. පලා ගිය කාර් රථයේ රියදුරු පොලීසිය හදුනාගෙන ඇති අතර කදාණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති රමේෂ් ප්රනාන්දු මහතා ඇතුළු නිලධාරී කන්ඩායමක් පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරයි.
ජාඇල ප්රසංග පෙරේරා
