දැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි. රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා, නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්.දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා. ඒ නිසා හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය,එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
සමහරු රට අනුරට කියද්දී රනිල් කියන්නේ පුලුවන් ශ්‍රී ලංකා කියලා, අපි හැමෝම එකතු වුණොත්, අපි හැමෝම අත්වැල් බැඳගත්තොත් මේක අපිට කරන්න පුලුවන් කියලා.බැරි දෙයක් නෙමෙයි.අවුරුදු 02 ක් තුළ වැටිලා තිබුණු රට අද ශක්තිමත් වේගෙන යනවා.එහෙම නම් දැන් රනිල් පාස්, ඒ දවස් වල ෆේල් හැබැයි දැන් පාස් කියලා ඔප්පු කරලා තියෙනවා.ඒ නිසා තමයි ආයේ පාරක් අපි රනිල්ව දිනවමු, රනිල්ට බලය දෙමු, රනිල්ගේ වැඩපිළිවෙල රටට හොඳයි කියලා අපි කියන්නේ.
පහුගිය අවුරුදු 02 දී අපි දේශපාලනය කලේ නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය කියන අපි කවුරුත් දේශපාලනය කලේ නෑ, අපිට තිබුණා දේශපාලනය කරනවාට වඩා එහා දෙයක්.තෙල් නැති රටේ තෙල් ටික ගන්න සල්ලි හොයන එක, ආර්ථිකය බංකොලොත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන එක, පොහොර නැති රටේ පොහොර ජනතාවට අවශ්‍යය ලෙස ගේන එක, ඒ නිසා තමයි අපි ගමේ දේශපාලනය කලේ නැත්තේ, හැබැයි ස.ජ.බ හා ජේ.වී.පී එකයි අපි ලයිට් නැතිව ඉන්න කොට ලයිට් නෑ නේද කියලා ඇහුවා, රටේම පොහොර ලයිට් නැති වෙන කොට අපි දේශපාලනය නොකර උත්තර හොයන කොට ඒ ගොල්ල ඔයගොල්ලන්ට පෙන්වන්න හැදුවා ඔයගොල්ලන්ගේ ප්රශ්නය දැනෙන්නේ ස.ජ.බ යට , ජ.වි.පෙට විතරයි කියලා, ප්‍රශ්න ගැනම කථා කර කර උත්තර හොයන්නේ නැතිව ප්‍රශ්නයත් එක්ක ඔබතුමන්ලාව මුලාවේ දදා අවුරුදු 02 ක් ගත කළා.උත්තර හෙව්වේ නෑ, ලයිට් නැති වෙලාවේ ස.ජ.බ, ජේ.වී.පී එක එන්න හන්දියේ හුළු අතු පත්තු කරන්න කිව්වා.ස.ජබ, ජේ.වී.පී එක හන්දියේ හුළු අතු පත්තු කරන කොට රනිල් වික්‍රමසිංහ ලයිට් ටික දුන්නේ නැත්නම් තාමත් ඉතුරු වෙන්නේ හුළු අත්ත.
ගෙදරට ලෙඩෙක් ඉන්නවා නම් අහළ ගම් හතේම අය ඇවිත් ලෙඩා බැලුවට ලෙඩා හොඳ වෙන්නේ නෑ, ලෙඩා හොඳ වෙන්න නම් දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න ඕන, බෙහෙත් දෙන්න ඕන, එහෙම නම් පහුගිය අවුරුදු 02 දීම ශ්‍රී ලංකා එක, පොහොට්ටුව, යූ.එන්.පී එක කරේ බෙහෙත් හොයන එක ප්‍රශ්න වලට උත්තර හොයන එක.හැබැයි අර දෙගොල්ල අපේ ඇඟේ දැවටී දැවටී හිටියා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපි තමයි කථා කරන්නේ කියලා.ඒ නිසා අපේ ඔලු වලත් සමහර වෙලාවට දේශපාලඥයොන්ට බැන්නා, හොරු කියලා පැත්තකට දැම්මා, දේශපාලනය එපා වෙලා හිටියා, උන් දෙගොල්ල එකතු වෙලා අපේ ප්රශ්නය පාර පාර අපිට දේශපාලනය එපා කලා.මේක තමයි පහුගිය අවුරුදු 02 දී වුණේ.
රනිල් වික්රමසිංහව මේ රටේ ජනාධිපති කලේ පාර්ලිමේන්තුවෙන් අපි 134 ක් ඡන්දය දීලා, පහුගිය අවුරුදු 02 දීම දැන හෝ නොදැන රනිල් වික්‍රමසිංහට බැනපු එක නේද කලේ, ජනමතයක් නෑ කිව්වා, පාර්ලිමේන්තුවේ 134 කින් පත් වෙච්ච ජනාධිපති කිව්වා, පිං ජනාධිපති කිව්වා, මේ හැම දේම කිව්වා, මේ සියලු අවලාද කියන කොට රනිල් වික්‍රමසිංහ අඩියක්වත් පස්සට ගත්තාද? අපිත් එක්ක, ඔබත් එක්ක තරහා වුණාද? ඒ කියපු මිනිස්සුන්ට, බැනපු මිනිස්සුන්ට උත්තර දෙන්න කාළය නාස්ති කළාද? රනිල් ඒක කලේ නෑ, රනිල් කොච්චර බැන්නත්, කොච්චර අවලාද කිව්වත් බනින මිනිහගෙත් ප්‍රශ්න ටික විසඳන්න උත්තර ටික හෙව්ව එක කලේ,ලෝකය වටේ ගියා, ණය ගැන කථා කළා, ණය කල් දාගන්න වැඩේ, රට ක්‍රමවත් කර ගන්න වැඩේ, රටේ වරද නිවැරදි කරන වැඩේ, රටට සල්ලි ගේන වැඩේ, රට ශක්තිමත් කරන වැඩේ, මේවා තමයි කලේ, එතුමා බනින එවුන්ට උත්තර දෙන්න ගියේ නෑ, නිදහසට කරුණු කියන්න ගියෙත් නෑ, එතුමා බැනුම් අහගෙන, බනින එකාගේ ප්‍රශ්නයට උත්තර ගෙනත් තියෙනවා.
දැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි.දැන් රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා, නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්.දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, ඉතුරු අවුරුදු 05 දී තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා.දැන් ඔබතුමන්ලාගේ අතේ ඒ වැඩේ තියෙන්නේ.ඒ නිසා තමයි හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙන්නේ.
තව අපේක්ෂකයෝ දෙන්නෙකුත් ඉන්නවානේ, සජිත් මහත්තයා නිතරම අපේ ගෙවල් වලට ඇවිත් කරදර කරනවා, අනුර කුමාරත් කරදර කරනවා, සජිත් මහත්තයා ගැන මම වැඩිය කතා කරන්නේ නෑ,පහුගිය අවුරුදු 02ම ප්‍රශ්න වලින් පැනලා ගිය මනුස්සයානේ, පහුගිය අවුරුදු 02 දීම එතුමා කරේ ඉස්කෝලෙකට යනවා ස්මාර්ට් බෝඩ් එකක් බෙදනවා, බස් එකක් බෙදනවා ඕක තමයි කලේ, අවුරුද්දට තියෙන දවස් 365 ම බස් බෙදුවෙත් නෑනේ, පාසල් 100 ක බෙදුවත් සජිත් බෙදලා තියෙන්නේ බෝඩ් 100 යි, ගල්නෑවේ ඉස්කෝලෙ හැම පන්තියටම එක ගානේ දුන්නත් මේ බෝඩ් 100 මදි නේද? හැමදාම නිවුස් වල විනාඩි 15 ක් කථා කළාට එක ඉස්කෝළයකටවත් අවශ්‍යය ස්මාර්ට් බෝඩ් බෙදලා නෑනේ, තනි තනි බෝඩ් එක බෙදලා, ළමයි ටිකක්, දෙමාපියෝ ටිකක් තියාගෙන, වෙන වැල් බයිලා කිය කිය හිටියා, අපි ලයිට් නැතිව ඉන්නවා, පොහොර නැතිව ඉන්නවා, කන්න නැතිව ඉන්නවා එයා කරේ කයිය ගහන එක විතරයි.උත්තර හෙව්වේ නෑ, සජබ මිනිස්සුත් විපක්ෂ නායක නිසා සජිත් එක්ක හිටියාට, සජිත්ට මේක බෑ කියලා දන්නවා.
සාමාන්‍යයෙන් රටේ ජනාධිපති එළවලා, ආණ්ඩුවත් එළවලා සේරම යන්න කියලා කියන කොට ලේසියෙන්ම බලය ගන්න තියෙන්නේ ඒ වෙලාවේනේ, ඒ වෙලාවේ අරගෙන මේ වැඩේ කරා නම් හරියට අද මේ රැස්වීම තියන්නේ සජිත් වෙනුවෙන් නේ, සජිත් හරියට කරා නම්, කෙලෙව්වා නම් නෙමෙයි.හරියට කළා නම් අපි රනිල් ගැන කියන්නේ නෑ,අපි කියන්නේ සජිත් ගැන.ඒ නිසා මම සජිත් ගැන මීට වඩා කථා කරන්නේ නෑ,එයාට බෑ කියන එක හැමෝම දන්නවා.
ඊළඟට ඉන්නවා අනුර කුමාර, අනුර කුමාරත් ප්රශ්නය වෙච්ච වෙලාවේ අපිව දාලා ගියා, උත්තර හෙව්වේ නෑ, දාලා ගියා, බෑ කිව්වා, පැත්තකට වෙලා හිටියා.දැන් සේරම නැගිටලා ආවාට පස්සේ පොඩි අයිතිවාසිකමක් කියනවා,අපේ ගම් වලට ඇවිත් හරි අහිංසක යෝජනාවක් කරනවා, අවුරුදු 75 නැන්දේ ඔය ගොල්ල කළා නේ, මේ පාර අපිට දෙන්න කියලා.හරි අහිංසකයි, පුංචි ඉල්ලීමක්.අපි අහන්න ඕන 75 ක් අපි හිටියේ බලෙන්ද? 75 ක් අපිව විශ්වාස කරලයි බලය දුන්නේ, ශ්‍රී ලංකා එකට වෙන්න පුලුවන්, යූ.එන්.පී එකට වෙන්න පුලුවන්, ඒ වෙලාවේ ජනතාව අපිව විශ්වාස කරපු නිසා තමයි ශ්‍රී ලංකා හෝ යූ.එන්.පී ජනාධිපතිවරු මේ රටේ බිහි වුණේ. පුතේ අපි අවුරුදු 75 ක් බලෙන් නෙමෙයි හිටියේ, අවුරුදු 75 ක් යනකල් ඔය ගොල්ලන්ව ජනතාව තේරුවේ නැත්තේ ඇයි, මේ රටේ මිනිස්සු අවුරුදු 75 ක් වෙන පක්ෂ 02 ක් විශ්වාස කරන්නත්, ඔය ගොල්ල විශ්වාස නොකරන්නත් හේතුව හොයා ගනිල්ලා, ජනාධිපතිකම කියන එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නෙමෙයි.යැයි පැවසීය.