දැන් හොරු හොරු කියනවානේ. හොරු ඇල්ලීමට ආසියාවේ තියෙන බලසම්පන්නම පනත අපි ගෙනල්ලා තියෙනවා. දැන් ඉක්මනට හොරු අල්ලල ඉවර කරන්න ඕන. තාම මේකට ඕන කට්ටියවත් පත්කරලා නෑ. යැයි හිටපු අමාත්‍ය වජිර අබේවර් ධන මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (25) කළේ ගාල්ල උලුවිටිකේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල, අක්මීමන සහ හබරාදූව ඒකාබද්ධ බල මණ්ඩලය රැස්වීම අමතමිනි.
"අපේ රනිල් වික්‍රමසිංහ මහතා රටට වැඩදායී අණ පනත් ගෙනත් තියෙනවා. ආර්තික පරිවර්තන පනත ගෙනත් තියෙනවා, ඒකෙන් මේ රටේ වර්තමානයේ, අනාගතයේ ආර්තිකය ගැන කියනවා. දැන්නම් මේ පනත උල්ලංගනය වෙමින් යනවා. එදා මේ පනත්වලට විරුද්ධව උසාවි ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලක් ගැන, මතිවරණ වියදම් ගැන, මහ බැංකු පනත, මේ වගේ පනත් 92ක් ගෙනාවා. මේවා අහිතකරනම් අවලංගු කරන්න. දැන් තුනෙන් දෙකක බලයකුත් තියෙනවානෙ.
අපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙනකොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩිකරනවා කියලා, දැන් පොල් 240යි. හරිනම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.