වර්තමානයේ සිටින බොහෝමයක් පුද්ගලයන් 2048 වන විටත් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පුළුවන් ශ්‍රී ලංකා යන තේමාව යටතේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අද(07දා) පැවති අතර, එහිදී මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - ඔබතුමා රට භාරගද්දි කිව්වා වැල් පාලමෙන් එගොඩ කරනවා කියලා. ඊට පස්සේ ඔබතුමා කිව්වා එගොඩ කරා කියලා. ඒ කාලයේ ඉදලම ඔබතුමා කිව්වා 2048 වෙනකොට රට සංවර්ධනය වූ රටක් වෙනවා කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් 2048 වෙද්දි බොහෝ දෙනෙක්ට ඉන්න පුළුවන්ද කියලා. ඔබතුමාගේ තවමත් සැලැස්ම 2048 ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරා ගෙන යනවා කියන එකද?
පිළිතුර - ඇයි රටේ බොහෝ දෙනෙක් නෑ කියන්නේ? අද අවුරැදු 40ක ඉන්න අය ඒ කාලයේදී 65යි. ඉතින් 40ට අඩු අයනේ බහුතරය. කොහොම හරි 50ක් වුණ අයටත් ඉන්න පුළුවන්නේ 75ක් වෙලා. ඉතින් බහුතරයක් ඉන්න යනවා. මම කියන්නේ අපි දියුණු රටකට යන්න ඕනී. ඉන්දියාව කිව්වා 2047 කියලා. අපි කිව්වා 2048. චීනය කියනවා 2049. තමන්ගේ රට දියුණු වෙන එකට කැමති නැද්ද?