බහුතර කුඹුරුවලින් මේ වනවිට ලැබෙන අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 1 සිට 2.5 දක්වා වන බවත් එසේමඑම ප්‍රමාණය ගොවීන්ට නිෂ්පාදන වියදම හෝ ආවරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බලප්‍රදේශ 06කින්වගා කන්න 06ක් තුළ වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ 2024 මහ කන්නයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර,එහිදී වැඩිම වී අස්වැන්නක් ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොනරාගල කෘෂිකාර්මික බලප්‍රදේශවල කුඹුරු ආශ්රිතවවැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව හෙක්ටයාර් එකකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ගොවීන්ට හඳුන්වා දෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා සඳහන් කරන පරිදි මේ වනවිට මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. එසේම 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1ක් වන අතර, 2023 වර්ෂයේදී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව ඇත.