අවුරුදු උත්සව නතර කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ඉදිරි පොහොය දිනවලදී අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් ඔහු පැවැසීය.
මේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවත් ඔහු පැවැසීය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ රජයක් ලෙස දැඩි නීති රීති පැනවීමට කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.