දළදා වන්දනාව සඳහා දින දෙකක් කාලයක් පෝලිමේ රැඳී සිටි කාන්තාවකට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව මහනුවර මුලස්ථාන පොලිසියකියයි.
එසේ මියගොස් ඇත්තේ ගලිගමුව ප්රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක බව පවසන පොලිසිය ඇයගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවද කියයි.
මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂක ඉරේෂා ප්රනාන්දු මහත්මිය පවසා සිටියේ දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් අතරින් විවිධ රෝගාබාධයන්ට ලක්වූ රෝගීන් 47 දෙනෙකු ඊයේ (23) දින මහනුවර ජාතික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කොට ඇති බවයි.
මහනුවර ජාතික රෝහල විසින් රැජිණ හෝටලය ඉදිරිපිට ස්ථාපිත කොට ඇති තාවකාලිකව ප්රථමාධාර ඒකකයෙන් රෝගීන් 250කට ආසන්න පිරිසක් ප්රථමාධාර ලබාගෙන ඇති බවද ඇය පැවසීය.