කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂඅනුනවදහස් දහයක මුදලක් (13299010) වැයවන බවට ඇස්තමේන්තු කර ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා එම මුදල විදුලිබල මණ්ඩලයට ගෙවන ලෙසදැනුම් දී තිබේ .
රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් ද දක්වා තිබීම විශේෂත්වයකි .
විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්.බණ්ඩාරමහතාගේ අත්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් වෙත යොමු කොට තිබේ .
එම ඇස්තමේන්තුව මගින් ශ්‍රී දළදා මාලිගාව විසින් රුපියල් 34,12479.00 ක මුදලක්ද නාථ දේවාලය විසින් රුපියල් 11,22145.00 ක මුදලක්ද විෂ්ණු දේවාලය විසින් රුපියල්13,68385.00 ක මුදලක්ද කතරගම දේවාලය විසින් රුපියල් 11,02705.00 ක මුදලක්ද පත්තිනි දේවාලය විසින් 11,02705.00 ක මුදලක්ද පෙරහැර ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී තිබේ .ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44 41273 ක මුදලක් ද ගෙවන ලෙසදැනුම් දී තිබේ .
ඇස්තමේන්තුගතඑම මුදල් ගෙවීම් සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය. නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ .
මේ සම්බන්ධයෙන් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිපත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේමේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමතිවරයාගේ අවධානය යොමුකොට සහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.