වයස අවුරුදු 13ක තම පුතුට කඩුවකින් කොටා තුවාල සිදු කර, ප්රදේශය මගහැර ගොස් සැඟව සිටින පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව කැකිරාව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, කැකිරාව ප්රදේශයේ එම්.ජී.එස්. තෙපුල් විජේරත්න නැමති දහතුන් හැවිරිදි පාසල් සිසුවෙකි.
සැකකාර පියා කොළඹ ප්රදේශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු බවත් එම සැකකරු ඡන්දය ප්රකාශ කිරීම සඳහා කැකිරාව ප්රදේශයේ පිහිටි නිවසට පැමිණ සිටියදී මෙම කඩු පහර එල්ල කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු බිරිඳ සමග ඇති ඇති කරගත් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම කඩු පහර බිරිඳට එල්ල කරන අවස්ථාවේදී දරුවා ඊට විරෝධය පල කල අවස්ථාවේදී පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
කඩු පහර වැදීමෙන් එම දරුවාගේ අතකට බරපතල තුවාල සිදුව ඇති අතර මෙම ප්රහාරයේ එල්ල කිරීමෙන් අනතුරුව සැකකාර පියා ප්රදේශය මගහැර පලා ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය
කැකිරාව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩදුර විමර්ශන සිදු කරති.