පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුද්ගලයෙකු විසින් කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (5)අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කුකුල් චමින්ද නමින් හඳුන්වන පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීමත් සමග සැකකරු දරුවා ඇතුළු පිරිස සමග නිවසද වසා දමා ප්‍රදේශයෙන් පැන ගොස් සැඟවී සිටියදී පුල්මුඩේ අරසිමලේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස සමග සිටි වයස අවුරුදු 4 ක් හා මාස 06 ක් පමණ වන වීඩියෝවේ සඳහන් පරිදි පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවා මේ වන විට පොලිස් භාරයේ ආරක්ෂිතව සිටින බව පොලීසිය කියයි
වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම මෙහෙයුම සිදු කළහ.
මෙම සිද්ධිය සම්බන්ධව වැලිඔය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
ජේ.ඉඳුරුවගේ