16 හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව හෝමාගම ඒකකයේ සේවය කරන අයෙකු සහ මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
ඇඹිලිපිටියේ පල්ලේගම ප්රදේශයේ නිවසක පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු මෝටර් රථයකින් පැහැරගෙන යන බවට ඇඹිලිපිටිය පොලිසියට ඊයේ (11) ලද තොරතුරකට අනුව මෝටර් රථය ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ පුද්ගලයන් සිව් දෙනකු සහ පැහැර ගැනීමට ලක් වූ දරුවා සිට ඇතැයි පොලිසිය කියයි
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂාවේදී එයින් දෙදෙනකු පොලිස් නිලධාරීන් දෙදෙනකු බවට අනාවරණය වී ඇති අතර දරුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව සහ පද්බේරිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 31 අතර පසුවන්නන්ය.