දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නිවෙස් වල රඳවා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
දින දෙකක පමණ කාලයක සිට දඹුල්ල හින්මොරගොල්ල, දඹුලු ගම, නව පාදෙණිය ,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකෙකුද මෙයාකාරයෙන් ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යෑමට ඇති බව නගරාධිපතිවරයා පැවසීය.
දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ වෛරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .
නිවෙස් වල සිටින එම පුද්ගලයින් දඹුල්ල සති පොල භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් කෙසේ හෝ 29 දින බස් රථයකින් එම කණ්ඩායම් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.