දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශිතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටි.
පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ගොවි සංවිධාන නියෝජිතයින් මෙම ඉල්ලීම කරනු ලැබීය.
ඉන්දියානු ආධාර හා මෙරට අරමුදල් යොදවා මෙම නවීන ශිතාගාරය ඉදිරිකර තිබේ. මෙම වැඩ කටයුතු අවසන් කර තිබුණත් මෙම ආයතනය පවත්වාගෙන යෑම සදහා මේ වන තෙක් කිසිදු ආයතනයකට මෙහි වගකීම පවරා නැති බවත් මෙහිදී අනාවරණය විය.
මේ පිළිබදව කඩිනමින් අවධානය යොමු කොට අදාල ආයතන දැනුවත් කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මෙහිදී පියවර ගනු ලැබීය.
මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම සදහා රාජ්‍ය නිලධාරින් , ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පීරිසක් සහභාගි වුහ.