දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.
දින දෙකකට පෙර දෙදෙනෙකු මියගොස් ඇති අතර අද දිනයේද එලෙසම මත්පැන් පානය කළ දෙදෙනෙකු මියගිය බවද ප්‍රදේශවාසීන් පවසයි.
කලක සිට පවත්වාගෙන යනු ලබන මෙම නීතිවිරෝධී මත්පැන් විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතෙ
මෙලෙස මියගොස් ඇති පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අමතරව රස පරීක්ෂක වාර්තා කැඳවා ඔවුන්ගේ මරණවලට නිශ්චිත හේතු අනාවරණ කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද දඹුල්ල පොලීසිය පවසයි.