දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද 22 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900 ක් පමණක් බවත් එය ලැබුණු විගසම අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක් ක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බව වෙළෙන්දෝ වැඩිදුරටද පෙන්වා දුන්නේය
දඹුල්ල නගරයේ සිල්ලර වෙළඳසැල් රැසකට ගොස් පොල් ගෙඩියක් මිලදී ගැනීමට උත්සාහ කළද එකම ස්ථානයක හෝ පොල් අලවිය සඳහා නොතිබිණි.
දඹුල්ල නගරයේ පිහිටි ලංකා සතොස ආයතනය ද පොල් අලවිය සඳහා නොමැති බව එම වෙළඳසැල් සේවකයෝ පෙන්වා දුන්හ
කෙසේ වෙතත් පොල් හිඟය නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව හෝටල් හිමිකරුවෝ පෙන්වා දෙන අතර ඔවුන් ව්‍යංජන පිසීම සඳහා වෙළඳසැල්වල ඇති පිටිකරන ලද පොල් කිරි පැකට් රැගෙන එන බවද ඔවුහු වැඩිදුරට ද පෙන්වා දෙති
දඹුල්ල නගරයේ බොහෝ දෙනකු කියා සිටියේ පොල් ගෙඩියක් රුපියල් දෙසීයක් දෙසිය තිහත් අතර මිල ගණන් යටතේ පසුගිය දිනවල සිල්ලරට අලෙවි වුවද මේ වන විට පොල් ගෙඩියක් එම මිලට හෝ ලබා ගැනීමට වෙළඳපොලේ නොමැති බවය
පොල් ගෙඩියක් වෙළඳපොලේ සොයනවා යන්න කලුනික සොයන හා සමාන බවද දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.
