දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ පදිංචි තණයකු කලුන්දෑව ප්‍රාදේශිය රෝහල වෙත අද දින පෙරවරුවේ උණ කැස්ස හෙම්බිරිස්සාව ආදී රෝග නිසා ප්‍රතිකාර ලබාගැනීමට ගොස් තිබේ .
ආර්ථික මධ්‍යස්ථාන සේවකයා පරීක්ෂාකර බැලූ වෛද්‍යවරු රෝග ලක්ෂණ ගැන සැකසිති මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරී ජයනාත් ජයසුන්දර මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව වෛද්‍යවරයා ප්රමුඛ කණ්ඩායම කලුන්දෑවට ගොස් මෙම රෝගී තරුණයා පරීක්ෂාකොට නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබේ.
පසුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි වරයා තීරණය කොට ඇත්තේ මෙම තරුණයා අනුරාධපුර මහ රෝහල වෙත යවා වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටය .
ඒ අනුව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ආර්ථික මධ්‍යස්ථාන විශේෂ සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍යවරුන් කණ්ඩායමක් දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානයේ මෙම තරුණයා සේවය කළ වෙළඳසැල වසා දමා එම වෙළඳ සැල සේවකයන්ටත් නිවසේ නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දීම සිදු කළහ.
එම ස්ථානයට පැමිණි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැලේ අයිතිකරු පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කියාසිටියේ අසනීපය ඇත්තේ තම පුත්‍රයා බවත් ඔහුට මීට පෙර සිටම අසනීප ගති පැවති බවය. තම පුතා දින කීපයේම කඩේ මහන්සිවී සේවය කළ බවය .
ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම කඩ විවෘතව තිබියදී තමාගේ වෙළඳසැල පමණක් වසා දැමීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙම සේවකයන් පිරිස ඉවත්කොට වෙනත් සේවකයන් පිරිසක් යොදවා වෙළඳසැල පවත්වාගෙන යාමට හැකි බව සඳහන් කළේය. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්තද ද සිල්වා සහ වෛද්‍ය සිතාරා විතානගේ මහතා එම ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මෙම වෙළඳසැල තාවකාලිකව වසා දමන බවත් සේවකයාට අනුරාධපුරයට රැගෙන ගොස් ඔහුගේ තත්ත්වය හොඳ අතට පත්වුවහොත් වෙළඳසැල පවත්වාගෙන යාමට හැකි බවය. කෙසේ වෙතත් එතෙක් සියලු දෙනා නිවෙස් තුල නිරෝධායනට යොමුවන ලෙස දන්වා වෙළදසල වසා දැමුහ .
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ දෙනකු කියාසිටියේ දඹුල්ල ආර්ථිකය වහාම වසා දැමිය යුතු බවය .ඒ කිසිදු ආරක්ෂාවක් නැතිව ජනතාව රැස්වන බවද කිහ .
කාංචන කුමාර ආරියදාස