කොරියාවේ රැකියා වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළයි කියන ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අයවලුන් භාවිත කරන ලද බැංකු ගිණුම් සම්බන්ධයෙන් අධිකරණයේ අවසරය මත තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් බන්ධනාගාරය වෙත ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ඒ ඉකුත් 17 වෙනිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් විසින් භාවිත කරන ලද බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට බන්ධනාගාරය වෙත ලබාගත් අධිකරණ නියෝග අනුවය.
එම නියෝග අනුව ඊයේ (22) දමිතා අබේරත්නගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අයගෙන් පමණක් පුරා පැය දෙකකට ආසන්න කාලයක් ප්රකාශ ලබාගෙන ඇතැයි දැනගන්න ඇත
මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ඉකුත් 4 වෙනිදින කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී රහස් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා හෙට (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි