මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් හෙට (5) අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා සහ ඇගේ සැමියා ඊයේ (4) මෝසමක් මාර්ගයෙන් කොටුව අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිට යාමට සූදානම් වීමත් සමඟම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම යුවළ අත්අඩංගුවට ගන්නා ලදී
දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් දෙවන වරටත් පෙරේදා (3) දින බොරලැස්ගමුව පැපිලියාන නිවස වෙත ගියද නිවස වසා දමා ඇතැයි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට දින 9 කට ඉහතදී ඉකුත් මස (27) වෙනිදින රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.