කොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද නියම කළේය.
ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීය. එහදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව යුවළ යළි බන්ධනාගාර ගත කෙරිණි.