කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලූ ප්රරසිද්ධ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන මස 06 වැනිදා තෙක් අත් අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ කොටුව මහේස්ත්රාමත් තිළිණ ගමගේ මහතා එදින අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
රහස් පොලීසියට විමර්ශනය කළ හැක්කේ රුපියල් ලක්ෂ 250 කට වඩා වැඩි වංචා සිද්ධියක් සම්බන්ධයෙන් වුවත් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තම සේවාදායකයන්ට එරෙහි පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පෙන්වා දෙමින් නීතිඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාැත්වරයා එලෙස නියම කළේයෙ.
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්ර්යේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇත.
නීතිඥ තරිඳු වික්රමමනායක මහතාගේ මෝසමකට අනුව මෙම අපේක්ෂිත ඇප යැදුම් පත්රපය ගොනු කළ අතර එම අපේක්ෂිත ඇප අයැදුම් පත්රඅය කැඳූ අවස්ථාවේදී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරන බව තමන්ට දැනගැනීමට ලැබී ඇතැයි කීය.
රුපියල් ලක්ෂී 250 කට වඩා වැඩි වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසියට විමර්ශනය කළ හැකියාව ඇතත් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තම සේවාදායකයන්ට එරෙහි පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් 2754/23 චක්රක ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පෙන්වා දුන් නීතීඥ අජිත් පතිරණ මහතා මෙම පැමිණිල්ල රහස් පොලීසියේ පරිගණක අපරාධ අංශයට යොමුකර ඇත්තේ ඇයිදැයි සිතාගත නොහැකි යැයිද පැවැසුවේය.
මෙම තත්වය මත අපේක්ෂිත ඇප අයැදුම් පත්රොයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව තම සේවාදායකයන් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට නොගැනීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 06 වැනිදා දක්වා පෙත්සම්කාර යුවළ අත්අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ මහේස්ත්රා්ත්වරයා එදින අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළේය.