වෙසක් සමයේ දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තුවන ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලිඛිතව දැනුම්වත් කොට අවසර ලබාගැනීමකින් අනතුරුව දන්සැල් පැවැත්වීම අනිවාර්ය වන අතර එසේ නොකරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ක් පමණ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර දන්සැල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී ඔවුන් අදාළ උපදෙස් ලබා දීමට නියමිතය.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා සඳහන් කර සිටියේ දන්සැලක් පැවැත්වීමට ස්ථානයක් තෝරා ගැනීම, ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම, ආහාර සකස් කිරීමට යොදාගන්නා උපකරණ, ආහාර පිසින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර පිළිගන්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය, දන්සැල් කටයුතු අවසන් කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඊට අනුගතවන්නේ නම් පමණක් දන්සැල් පැවැත්වීමට අනුමැතිය ලබා දෙන බවයි.