දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ තනතුරු 8 ක් සඳහා එහි නිලධාරීන් 17 දෙනෙකුට 2019 මැයි සිට 2022 දෙසැම්බර් 31 කාල සීමාවෙහිදී රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ එක්දහස් පන්සිය විසි හතරක (16801524) මුදලක් ඉන්ධන දීමනාව ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 26 දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන්ව ඇත.
ඒ අතරින් 2014 ජනවාරි 02 දිනැති 01/2014 දරන ජාතික අය වැය චක්‍රලේඛනයේ 21/85 දරන ඡේදයට අනුකූල නොවන ලෙස සුපිරි පැට්රල් හා සුපිරි ඩීසල් රුපියල් විසි ලක්ෂ හතළිස් දහස් අටසදීය පහළොවක මුදලක් (2,040,815) ගෙවා ඇති බවද සඳහන්වේ.
ජාතික ප්‍රතිපත්ති සහ රාජ්‍ය වියදම් කළමනාකාරණය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කටයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත. විගණනය විසින් මේ සඳහා කළ විමසීමක දී ඉකුත් 26 දින දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ එවකට සිටි ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ අනුමැතිය පරිදි 2019 මැයි මස 18 වන දිනැති චක්‍රලේඛනය මත දකුණු පළාතේ නිල රථවාහන හිමි නිලධාරීන් සඳහා ඉන්ධන දීමනාව 2019 මැයි මස 01 වන දා සිට ගෙවා ඇත බව ය. මේ පිළිබඳව පරික්ෂා කොට වාර්තා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පත් කර ඇති බව ද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත.
චන්දන සමරවික්‍රම