ශ්රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානය හම්බන්තොටට රැගෙන යන බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි. ආචාර්ය සමන් කැලේගම මහතාගේ කෘතියක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (29දා) සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අග්රාමාත්ය කාර්යාලය මේ බව පවසයි.
එසේම හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරායේ ආරක්ෂාව මුළු මනින්ම ශ්රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන බවත් අග්රාමාත්ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හම්බන්තොට වරාය හුදෙක්ම වාණිජ වරායක් බවත් ඒ හරහා හම්න්තොට හා මොණරාගල කලාපයේ ආර්ථික සංවරධනය ඇතිවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත දැක්වෙයි.