තායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.30 පමණ වන විට එම ගුවන් අනතුරින් 63ක් මිය ගොස් ඇති බව තහවුරු කර ගෙන තිබුණි.
ජේජු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්ව තිබුණ අතර ගුවන් යානය අතතුරට ලක්වන විට කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුද ඇතුළත්ව 181ක් ගමන් කර තිබුණි.
පෙරවරු 9.30 වන විට ගුවන් අනතුරින් දිවි බේරා ගත් 2ක් සොයා ගෙන තිබුණි. ගුවන් යානයේ ගමන් කළ ගුවන් මගින් 175 දෙනා අතරින් පුද්ගලයන් 173ක්ම දකුණු කොරියානුවන් විය. ඉතිරි දෙදෙනා තායි ජාතිකයන්ය.
අනතුරට පත් හේතුව කුමක්දැයි තහවුරු වි නොමැති අතර කුරුල්ලන් ගැටිමක් මේ සඳහා හේතුව වන්නට ඇතැයි සැක පළ කරයි.