දකුණු ආසියාවේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරකෂාව සඳහා එම කලාපයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ශ්‍රී ලාංකිකයන් සමග සමීප සබඳතා පවත්වා ගැනීමේ සහ ඔවුන්ගේ සුභසාධනය සැම විටම සහතික කිරීමේ අරමුණින් යුතුව, එක් එක් දූත මණ්ඩලයට අයත් වන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහ අනෙකුත් විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත ගබඩාවන් සම්පාදනය කෙරෙමින් පවතින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි, කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විශේෂ ඍජු දුරකථන ඇමතුම් මාර්ග සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිහිටුවා ඇති අතර, එම ජාලය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්, ප්‍රජා සංවිධාන සහ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවල ආරක්ෂිත පරිසරයක රැඳී සිටීමට සහාය වීම සහ විවිධ ස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.