එලවලු තෙල් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 5 දශම 1 කහතුඩුව ප්රදේශයේ දී පෙරළී සිදු වූ අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ තෙල් ගලා ගොස් වාහන ධාවනයට තරමක බාධා ඇති විය.
අනතුර වන අවස්ථාවේදී රියදුරුට අමතරව සහායකයා සිට ඇති අතර ඔහුට සුළු තුවාල සිදු වී ඇත. මෙම අනතුර හේතුවෙන් ගාල්ල දිසාවට ගමන් ගන්නා මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසී ගියේය.
කොට්ටාව සිට පානදුරට එළවළු තෙල් සහ තවත් භාණ්ඩ කිහිපයක් ප්රවාහනය කරමින් සිටියදී ලොරියෙ පිටුපස වම් පස රෝදය පිපිරී යාම හේතුවෙන් රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ලොරි රථය මාර්ගයේ පෙරළී ඉදිරියට ඇදී ගොස් නතර වී තිබූ බව පොලිසිය කියයි.
ලොරිය පෙරළී යාමත් සමඟම එහි ගබඩා කර තිබූ එළවළු තෙල් අඩංගු ප්ලාස්ටික් කෑන් පිපිරී යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ යාබද මාතර කොළඹ මාර්ගයේ එක් තීරුවකටත් එම තෙල් ගලා යාම නිසා එම ප්රදේශය ආවරණය කරමින් ආරක්ෂාව තරකර අනතුරුව මාර්ගය සෝදා පවිත්ර කිරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් ලොරි රථයට පමණක් බරපතළ අලාභ සිදු වී තිබූ අතර අධිවේගී මාර්ගයේ දේපළවලට කිසිදු අලාභයක් සිදු නොවූ බව පොලිසිය කියයි


