සෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායන පවසයි. තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4,500 ක් වෙයි. ඒ අනුව රෝගීන් සංඛ්‍යාවට වඩා මුදා හළ සංඛ්‍යාව දකුණු කොරියාවේ වැඩිවූයේ පළමු අවස්ථාවටය.
සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්යක්ෂ ජනරාල් යූන් ටේ-හෝ පැවසුවේ “තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. නමුත් 50% ක ප්‍රකෘතිමත් වීමේ අනුපාතය අපේ සමාජයේ සියලු දෙනා එක්ව සැමරිය යුතු කුඩා ජයග්‍රහණයක්.” යනුවෙනි.
