එළඹෙන තෛපොංගල් දින උත්සවයට නාඩු සහ රතු සහල් පාලන මිලට අලෙවි කිරිමට ලබාදෙන ලෙස බලකරමින් ආගරපතන මන්රාසි නගරයේදි (10) දින උද්ඝෝෂණයක නිරත විය.
ආගරපතන, මන්රාසි සහ ඩයගම යන නගරවල වෙලෙදුන් එක්ව මෙම උද්ඝෝෂණය සිදු කල අතර, මෙහිදි උද්ඝෝෂණයේ නිරත වු වෙලෙදුන් කියා සිටියේ රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් මෝල් හිමියන් විසින් තමන්ට සහල් තොග නිකුත් කරන බවයි.
රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කර තමන්ව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, එවිට තමන්ට විශාල දඩ මුදලක් ගෙවිමට සිදු වන බවයි.
මේ මස (14) දිනට හින්දු ජනතාවගේ ප්රධාන වාර්ෂික ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය පැවැත්වෙන බවත්, එම උත්සවයේ රතු සහලින් කිරිබතක් පිළියෙල කිරිම පුරා චාරිත්රයක් බවයි.
එම චාරිත්රය සිදු කිරිමට මෙවර තෛපොංගල් දිනයේදි වතුකරයේ ජනතාවට නොහැකි බවත්, තමන් වත්මන් රජය බලයට පත් කරනු ලැබුවේ රටේ ජනතාවට සහන ලබාදෙන බවට ඇති වු විශ්වාසය මත බවයි. මෙම උද්ඝෝෂණයට සිංහල දමිල මුස්ලිම් වෙලෙදුන් රැසක් සහභාගි විය.