තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව මින් පෙර ගොවීන්ට ලබා දීමට තීරණය කර තිබූ රුපියල් 2000ක මුදල එළඹෙන මහ කන්නයේ සිට දෙගුණයකින් ඉහළ නංවා ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කර සිටියේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට අදාළ මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය දෙගුණයක් කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් තමන්ට උපදෙස් දුන් බවයි.