කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයන් 43883ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබේ.