ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සේවය කරණු ලබන සේවකයින් 2,296ක අතුරින් සේවකයින් 998 දෙනෙකුගේ අතිකාල දිමනාව ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට 50 ඉක්මවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව සේවකයින් 391 දෙනෙකු හෙවත් සමස්ත සේවකයින්ගෙන් සියයට 17කගේ අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අතිකාල දිමනා පාලනය කළ යුතු බවත් අතිකාල සදහා අනුමත සිමාවන් ස්ථාපිත කළ යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අතිකාල පැය සදහා අනුමත සිමාවන් පැනවිම තුලින් අතිකාල පාලනය කිරිමට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 01 දින සිට කළමණාකාරිත්වය තිරණය කරඇති බවය.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
රවින්ද්රශ්රිලාල් ජිනේෂ් නානායක්කාර