මෙරට තුළ විකිණීමට ඇති තෙල් වර්ගවල දුර්ගන්ධය ඉවත් කිරීමට හා පිරිසුදු කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකා ඇති කිරීමට ඍජුවම බලපාන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක, සඳුන් රත්නායක මහතා පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ ආනයනික තෙල් තෙල් වර්ග ආර්.බී.ඩී. (Refined, Bleached, and Deodorized එනම්, පිරිපහදු කළ, විරංජනය කිරීම සහ දුර්ගන්ධය ඉවත් කිරීම) තෙල් වර්ග වන බවයි.
ඒ අනුව මෙම තෙල් වර්ග පිරිපහදු කිරීමට භෞතිකව සහ රසායනික ද්‍රව්‍ය භායිත කිරීම හා නැවත නැවත ඉහළ උෂ්ණත්වවලට භාජනය කිරීම තුළ ට්‍රාන්ස් පැට් ඇති වීම සිදුවන බවත්, (Trans fat, or trans-fatty acids - TFA) එය රුධිර වාහිනී පද්ධතිය ආශ්රිත රෝග ඇති කරන බවත් හෙතෙම සඳහන් කරයි.
මීට අමරතව තත්ත්වයෙන් බාල කොප්පරා හෝ කටුපොල් වැනි දේ භාවිතය තුළ Aspergillus නමැති දිලීරය මගින් නිපදවන Aflatoxin නමැති විෂ පිළිකාකාරකය නිපදවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, තෙල් සම්බන්ධයෙන් ඉතා ඉහළ තාක්ෂණයක් සහිත රසායනාගාර පහාසුකම් සහිත ආයතනයක් වන පොල් සංවර්ධන අධිකාරියේ රසායනාගාරය ආහාර පනත ප්‍රකාරව අතිරේක රසායනාගාර ලෙස ගැසට් කළහොත් ඉදිරියේදී මෙරට තුළ ගුණාත්මක සහ පෝෂදායී පොල්තෙල් ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි.