සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව ආණ්ඩු මතවාදයට විරුද්ධව කටයුතු කරන සෑම පුද්ගලයකුම හා කණ්ඩායමක්ම එකතු කර ගැනීමේ සාකච්ඡාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දුරකථන ලාංඡනය මුල් වෙමින් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සන්ධානයක් නිර්මාණය විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය තුල යටි අරමුණු නොමැතිව සැබෑ ලෙසම රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ නම් සමගි ජන බලවේගයට එකඟතාවය සහ අවනත විය යුතු බවද සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මේවන විට තෙත වී කිලෝ එකක මිල රුපියල් 80 - 95 අතර මිල ගණන් වලට අලවි වන බවත්, මහ මෝල් හිමිකරුවන් විසින් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගැනීම සිදු නොකරන බව වත්මන් ආණ්ඩුවේ හැසිරීම තුළින් තහවුරු වන බවද මන්ත්‍රීවරයා කීය.
වත්මන් ආණ්ඩුවේ නොහැකියාවන් ජනතාව අතරට යෑම වසා ගැනීම සඳහා සිදු කරන විවිධ ප්රයත්නයන් අසාර්ථක වී ඇති බවත්, බලය ලබා ගැනීමට පෙර ගොවීන් වෙනුවෙන් කතා කල නාමල් කරුණාරත්න අමාත්‍යවරයා මේ වන විට එම ගොවියා වෙනුවෙන් පෙනී නොසිටින රෝහණ බණ්ඩාර මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, දෙවන කොටස රඟ දක්වමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතාව අතර විවේචන ඇති වෙමින් සමූපකාර ඡන්ද පරාජයට පත්වෙමින් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් පවතින බවද පවසන රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ උගන්ඩාවේ මුදල් , මිග් යානා ගනුදෙනු යටපත් කර ආණ්ඩුවට එරෙහිව ඇතිවන මතවාද වෙනස් කර ගැනීම සඳහා විශාල ප්‍රමාණය සොරකම් වෙනුවට කුඩා ප්‍රමාණය සොරකම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙවැනි කටයුතු මගින් දුක් මහන්සියෙන් තමන් හම්බ කරගත් දේවල් නැවත ගිනි දෙවියන්ට පූජා කරන මතවාද ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.