කොළඹ කුරුණෑගල මාර්ගයේ වරකාපොල පොලිස් වසමේ තුල්හිරිය ප්රදේශයේ ත්රි රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් කළ එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රි රෝද රථයේ ගමන් කළ පිරිස ගාල්ල ප්ර දේශයේ අවමංගල ගෙදරක ගොස් රඹුක්කන ප්ර දේශයේ තම නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
අනතුරින් අවුරුදු 40ක් වන පියා, අවුරුදු 39ක් වන මව හා අවුරුදු 13ක් වන පුතා ජිවිතක්ෂයට පත්ව තිබේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.