අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පස් දින නිල සංචාරයක් සඳහා චීනය බලා ඊයේ (24දා) රාත්රී පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ශ්රී ලංකා අග්රාමාත්යවරයා චීන රජයේ අග්රාමාත්යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති, දැනට ගෙවීම් අත්හිහිටුවා ඇති ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතය.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ශ්රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක් වී සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ශ්රී ලංකා අග්රාමාත්යවරයා ඇතුළු පිරිස 03/24 දින රාත්රී 08.20 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ සිට චීනය බලා පිටත්ව ගොස් තිබුණි.