ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ව්‍යාපාරිකයෙකුට වංචා කලැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට අපේක්ෂිත ඇපයක් නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) ප්‍රතික්ෂේප කළේය.
වංචා සිද්ධියට අදාළව තිළිණි පියුමාලී නැමැත්තිය අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇපමත මුදාහැරීමට නියම කරමින් පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලමින් ගොනු කර තිබු අපේක්ෂිත ඇප අයැදුම් පත කැඳවු අවස්ථාවේදී වෙනත් සැකකාරියන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරියේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහාවත්ත මහත්මිය හමුවේ විමර්ශනයක් කරන බවට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
තිළිණි පියුමාලී නමැත්තිය නීතිඥ එච්.එම්.අයි.වි සේනාධිර මහතා මගින් ඉදිරිපත් කර තිබු මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණී.
පැමිණිල්ල කැඳවු අවස්ථාවෙදී පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ සංඛ අමරජිත් මහතා කරුණු දක්වමින් පැමිණිලිකාරිය පදිංචිව සිටින රාජගිරිය නිවාස සංකීර්ණයේ පදිංචි වෙනත් තැනැත්තියක විසින් කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත් සිද්ධියට තම සේවාදායිකාවගේ කිසිඳු සම්බන්ධයක් නොමැති හෙයින් ඇයට පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙනන් පෙනී සිටි මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරී් කරුණු දක්වමින් රාගම පදිංචි රංජිත් එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ මේ වන විට විමර්ශනයක් කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් දැනුම් දුන්හ.
තිළිණි පියුමාලී නමැත්තිය මාර්ගයෙන් ඩොලර් ලබාදෙන බව පවසා බන්ධනාගාර ගත සැකකාරිය විසින් 2023 සැප්තැම්බර් මාසයේදී මෙම වංචාවට පාදක වු මුදල් ලබා ගෙන ඇති බවත් ඩොලරයක් රුපියල් 285/-ක මුදලකට ලබාදීමට එකඟ වී ඇති බවත් කරුණු සළකා බැලීමෙන් පසු එම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් දැනුම් දුන් නිලධාරීහු තිළිණි පියුමාලී නැමැත්තිය සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ යැයි දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතතුරුව අවශ්‍ය වුවහොත් විමර්ශනය සඳහා පැමිණිලිකාරිය පොලිසියට සහය දැක්විය යුතු බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
සචිත්ර ගුණසේකර