තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.ෙ
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබු පෙට්‍රෝලියම් ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.