2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ වියදම් ලෙස රු.655,096,226ක් මැතිවරණ කොමිසන් සභාව විසින් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 22 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනි දා වන විට රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ තිස් තුන් දහස් හාරසීය හැත්තෑ 02 ක මුදලක් (15,933,472) තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. මැතිවරණ වියදමින් 15% ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා ද, 23% ක් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ද, 7% ක් ඉන්ධන සඳහා ද, 31% ක් මුද්‍රණ කටයුතු සඳහා ද, 7%ක් සංග්‍රහ කටයුතු දීමනා සඳහා ද, 4% ක් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහාද වියදම් කොට අැත.
අනෙකුත් කටයුතු සඳහා 13% ක් වැය කොට ඇත. පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු මස 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ නාම යෝජනා දැන්වීම 2023 ජනවාරි මස 04 වැනි දින ප්‍රදර්ශනය කර තිබූ බව විගණනය මගින් අනාවරණය කර තිබිණ.