සෑම විදාතා නිලධාරියෙක්ම අධීක්ෂණයට සහ කාර්ය සාධනය මත පදනම් වූ ඇගයීම් ක්‍රමවේදයකට ලක් කිරීමට උපායමාර්ගික සැලැස්මක් සැකසීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙන බවට ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
එතුමා ඒ බව පවසා සිටියේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 18 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවත්නා සියලු ආයතන හා එක්ව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබූ අතර ගමට තාක්ෂණය ගෙන යාම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ගමට තාක්ෂණය ගෙන යාම ප්‍රධාන වශයෙන් විදාතා නිලධාරින් හරහා සිදුවන බවට කාරක සභාවට සහභාගී වූ නිලධාරින් පැවසු අතර, විදාතා නිලධාරීන්ගේ පුරප්පාඩු පවත්නා විට ඒ වෙනුවට සංවර්ධන නිලධාරින් යොදා ගැනීමේ ගැටලු සහගතභාවය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී අදහස් දක්වමින් ස්ලින්ටෙක් ආයතනයේ Sri Lanka Institute of Nanotechnology (SLINTEC) නිලධාරීන් පවසා සිටියේ තම ආයතනය මගින් සපයනු ලබන සේවාවන් පිළිබඳව බොහෝ ව්‍යවසායකයන් නොදන්නා බවයි. එමෙන්ම පසුගිය වර්ෂයේ තම ආයතනය මගින් පේටන්ට් බලපත්‍ර 7ක් ලබාගනිමින් රුපියල් මිලියන 350ක අදායමක් නිෂ්පාදන වාණිජකරණය කිරීම ඔස්සේ ලබා ඇති බව ද ඔවුන් විසින් පවසන ලදී.
තවද, තැඹිලි කෝම්බ උපයෝගී කරගන්මින් ස්වාභාවික සායම් සෑදීම සඳහා තාක්ෂණ ක්‍රමවේද ද්විත්වයක් හඳුන්වා දුන් බවත් තම ආයතනය සතුව ව්‍යවසායකයා නගා සිටුවන්නට අවශ්‍ය නිපුණත්වය පවත්නා බවත් ඔවුන් විසින් තව දුරටත් අදහස් දක්වන ලදී.
තවද ආතර්. සී. ක්ලාර්ක් ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ මුතුබෙල්ලන් වගා කිරීම සඳහා එවන් බෙල්ලන් සැදිය හැකි කලාප චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හඳුනා ගැනීමේ සහ මත්ස්‍ය අස්වැන්න පවත්නා ස්ථාන හඳුනා ගැනීමේ හැකියාව තම ආයතනය සතුව පවතින බැවින් ඊට අදාළව ආයතන අතර පැහැදිලි සම්බන්ධිකරණ ක්‍රියාවලියක් ඇති කළ යුතු බවයි.